වෙළෙඳසැලක් ගිනි ගනී – පුද්ගලයෙක් මරුට

මිරිහාන ඇතුල්කෝට්ටේ හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සැලක් තුළ අද (11) අලුයම ඇතිවූ ගින්නකින් වයෝවෘද්ධ පුද්ගලයෙක් මිය ගොස් තිබේ.

ගින්නෙන් මිය ගොස් ඇත්තේ ලක්ෂ්මන් සරත් කුමාර නමැති 63 හැවිරිදි පුද්ගලයෙකි.

ගින්න ඇතිවන ඇති වන අවස්ථාවේ දී එම පුද්ගලයා එම වෙළෙඳසැලේ සොල්දරය මත නින්දේ පසු වී ඇති අතර ගින්නෙන් ඔහු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා එම ප්‍රදේශයේ වෙළෙඳසැල්වල කුලී වැඩ කරමින් ගත කළ අයෙක් බවත් අසනීප තත්ත්වයෙන් පසුවන ඔහුට වෙළෙඳසලේහිමියා නවාතැන් පහසුකම් දී තිබූ බවත් පොලීසිය සඳහන් කරයි.

ගින්න ඇති වීමට හේතුව මඳුරු කොයිල් එකකින්ද ? විදුලි කාන්දුවකින් ද ?යන්න මෙතෙක් නිශ්චිත ලෙස අනාවරණය වී නැතැයි ඇතැයි පොලීසිය පවසයි.

ගින්නෙන් වෙළෙඳසැලට වූ අලාභය මෙතෙක් ගණන් බලා නොමැති අතර, වෙළෙඳසැල සම්පූර්ණයෙන් ගිනිබත් වී තිබේ.

ගින්න ඇති වීම සමග වහා ක්‍රියාත්මක වූ කෝට්ටේ නගර සභාවේ ගිනිනිවන ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කළහ.

විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ විදුලිය විසන්ධි කිරීමට ද පියවර ගෙන ඇති අතර, නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදුකර, මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.