ඇබ්බැහිවීම පාලනයට ගත් අපූරු පියවරක්

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක් ලබා දී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රූපවාහිනිය සහ ජංගම දුරකථන සඳහා ජනතාවගේ සිදුවන ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවය.

මහාරාෂ්ට ප්‍රාන්තයේ සංග්ලි දිස්ත්‍රික්යේ වඩ්ගෝන් නම් ගම්මානයේ මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව, සෑම දිනකම පස්වරු 07ට ගම්මානයේ සියලුම රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කළයුතු අතර එය නැවත රාත්‍රී 08යි 30ට ක්‍රියාත්මක කළ හැකිය.

Leave a Reply

Your email address will not be published.