IMF නිලධාරීන්ගෙන් කැබිනට් මණ්ඩලයට වැඩමුළුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සිදුකර තිබේ.

ඊයේ (10) පස්වරුවේ රැස් වූ අමාත්‍ය මණ්ඩලයට සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් එම දැනුවත් කිරීම සිදුකර ඇති බව වාර්තා වේ.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක මූල්‍ය පහසුකමක් ලබාදීම සඳහා මේ වන විට මූලික එකඟතාවයකට පැමිණ තිබේ.

අදාළ මූල්‍ය දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති අතර එහිදී අමාත්‍යවරුන්ට සිය ගැටලු ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමිව තිබුණි.

මේ අතර රටේ පවතින ආර්ථික ගැටලුව පිළිබඳව සහ ඊට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතිය තුළ ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published.