ලංකාවේ දරිද්‍රතාවය ගැන අලුත්ම හෙළිදරව්ව

පුද්ගලයින් ලක්ෂ 96ක් මේ වන විට දරිද්‍රතාවයෙන් පෙළෙන බවට සිදුකළ අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“2019 ලක්ෂ 30කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් දරිද්‍රතා මායිමට පහළින් ජීවත් වුණා. ඒකෙන් අදහස් කරන්නේ දූගීබවෙන් පෙළුණා. නමුත් ඒ ප්‍රමාණය අද වෙනවිට ලක්ෂ 96 දක්වා වැඩිවෙලා තියෙනවා කියන කාරණය අපට පැහැදිලි වුණා. දැන් අපේ සමාජයේ නැත්නම් ලාංකික සමාජයේ ජීවත් වන ජනතාවගේ සියයට 42ක් පමණ මේ වනවිට දරිද්‍රතාවයෙන් පෙළෙනවා කියන කාරණය අපිට අපේ අධ්‍යයනය තුළින් අනාවරණය වුණා. මෑතකදී ලෝක බැංකුව විසින් අධ්‍යයනයක් කරලා තියෙනවා ඒ අය සඳහන් කරනවා ලංකාවේ දරිද්‍රතාවය පෙළෙන්නේ 26%ක් වගේ ප්‍රමාණයක්. නමුත් ඊට වැඩිය විශාල ප්‍රමාණයක් සත්‍ය වශයෙන් දරිද්‍රතාවයෙන් පෙළෙනවා කියලා අපිට පැහැදිලියි.”

Leave a Reply

Your email address will not be published.