යාපනය කොකුවිල් ප්‍රදේශයේදී ඉන්දීය සාමසාදක හමුදා ප්‍රහාරයකින් මියගියේ යැයි පැවසෙන 50 දෙනෙකුගේ 35 වන ගුණසැරුම යාපනය කොකුවිල් ප්‍රදේශයේදී සංවිධානය කොට තිබුණි.
මිය ගිය අයගේ ඥාතීන් විසින් 35 වන සංවත්සරය සංවිධානය කොට තිබුනේ කොකුවිල්හි අදල පිරිස් මිය ගිය ස්තානයේ ඉදිකොට තිබූ ස්මාර්කයක් අබියදීය.
1987 ඔක්තෝම්බර් 10 , 11, 12 යන දිනයන්හීදී කොටි සංවිධානය සහ ඉන්දීය සාම සාධක හමුදාව අතර දරුනු සටනක් පැවති අවස්ථාවේදී එයට මැදි වූ සාමාන්‍ය වැසියන් 50 දෙනෙකු පමණ මිය ගිය බවට වාර්ථා වෙයි.
යුද්දයට මැදිව මිය ගිය අයගේ ඥාතීන් ගුණසැමරුම් අවස්ථාවට සහභාගී වෙමින් වැඩිදුරටත් පවසා සිටියේ යුදසමයේදී ඉන්දීය සාමසාධක හමුදා ප්රහාරයන් හේතුවෙන් සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් මිය ගිය බවටය.