වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාවත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් කුඩා ප්‍රමාණයේ රථවාහනවල ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

අප වාර්තාකරු වැඩිදුරත් පැවසුවේ වැලිපැන්න පිවිසුම ආසන්නයේ ස්ථාන දෙකක මාර්ගය මෙලෙස ජලයෙන් යටවී ඇති බවය.

මේ අතර අධිවේගී මාර්ග නඩත්තු ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප පිවිසුම් මාර්ග භාවිත කරන ලෙසටය.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹට හෝ ගාල්ල දෙසට ගමන්කිරීමට බලාපොරොත්තුවන රියදුරන්ට ඒ සඳහා කුරුඳුගහහැතැක්ම හෝ දොඩංගොඩ පිවිසුම් භාවිත කිරීමේ අවස්ථාව පවතී.

Leave a Reply

Your email address will not be published.