හොරකම් කල නිසා ආර්ථිකය විනාශ වුනා.. අද ජීවත් වෙන්න විදිහක් නෑ..- අගරදගුරු

අද ජනතාවට ජීවත්වන බැරි වාතාවරණයක් ඇතිවී තිබෙන්නේ හොරකම දූෂණය හිංසාව හා භීෂණය සිදුකල ආර්ථික විනාශය හේතුවෙන් බව කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් කියා සිටිති.

මෙරට ඇතැම් නායකයන් ජාති භේද ඇති කර එය විකුණා බලයට පත්වූ බවත් පාස්කු ප්‍රහාරය මූලික කරගෙන ආගම් අතර බේද ඇති කිරීමට උත්සාහ කරන බවත් එතුමන් සඳහන් කළහ.

පසුව හොරකම දූෂණය හිංසාව භීෂණය ඇති කළ බවත් එනිසා රටේ ආර්ථික විනාශයක් ඇති වූ බවත් රදගුරු හිමියන් කියා සිටියහ.

අද මේ රටේ සෑම ජනතාවක් ම ගත කරන්නේ අසහනකාරී ජීවිතයක් බවද තවදුරටත් සඳහන් කළහ.

එතුමන් නිම අදහස් පළකරන ලද්දේ අලුත්ගම ප්‍රදේශයේ දෙව්මැදුරකදීය.

Leave a Reply

Your email address will not be published.