නීතිවිරෝධීව මසුන් ඇල්ලූ ධීවරයින් 400 කට ආසන්න අත්අඩංගුවට…

තහනම් දැල් යොදාගනිමින් නීතිවිරෝධීව මසුන් ඇල්ලීමේ කටයුතුවල නිරත ධීවරයින් 396 දෙනෙකු මේ වසරේ (2022) ජනවාරී සිටි මේ දක්වා ගතවූ කාලය තුලදී අත්අඩංගුවට පත්ව ඇති බවට නාවික හමුදාව පවසයි.

මේ අතර පසුගිය දින දෙකක් තුලදීදි උතුරු නාවික විධානයන්ට අයත් නාවික සෙබලුන් විසින් යාපනය පේදුරුතුඩුව සහ අඩම්පන් චුණ්ඩිකුලම් මුහුදු තීරයන්හි සිදු කරන ලද සෝදිසි පරික්ෂාවකදී නීතිවිරෝධීව මසුන් අල්ලමින් සිටි ධීවරයින් 15  දෙනෙකු සමගින් ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදා භාරයට ගනු ලැබීය.

ඊට අමතරව නීතිවිරෝධීව මසුන් ඇල්ලීම සඳහා යොදාගත් දැල් ආම්පන්න, කිමිදුම් උපකරණ සහ අල්ලන ලද මසුන්ද සමගින් ධීවරයින් නාවික හමුදා භාරයට ගෙන වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට භාරදීම නාවික හමුදාව කටයුතු යොදනු ලැබීය.

කෙසේ වෙතත් නීථිවිරෝධීව මසුන් ඇල්ලීමේ කටයුතු සිදුකරමින් අත්අඩංගුවට පත්ව සිටින ධීවරයින්ගෙන වැඩිම ප්‍රමාණයක් උතුරු මුහුදේදී සිදුකරන ලද වැටලීම් වලදී අත්අඩංගුවට පත්ව ඇති බවටත් උතුරු මුහුදු ප්‍රදේශයේ නීතිවිරෝධීව මසුන් ඇල්ලීමේ කටයුතු බහුලව සිදුවන බවටත් ඒ සඳහා විශේෂ වැටලීම් සිදුකරන බවටද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.