තෙල් බවුසරයකට ජලය මිශ්‍ර වී තිබීම ගැන සංස්ථාවෙන් නිවේදනයක්

අද (19) දිනයේ කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත රැගෙන ආ ඉන්ධන ටැංකි රථයක යම් ජලය ප්‍රමාණයක් මිශ්‍ර වී තිබීම පිළිබඳව කරුණු පැහැදිළි කරමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ එම සිදුවීම සම්බන්ධයෙන් වහාම පූර්ණ පරීක්ෂණයක් සිදුකරන ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සංස්ථා පාලනාධිකාරිය වෙත දැනුම්දී ඇති බවය.

Leave a Reply

Your email address will not be published.