කාසියේ වාසිය ශ්‍රී ලංකාවට 

නෙදර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන ලෝක කුසලාන 20/20 තරගාවලියේ අවසන් කණ්ඩායම් 12ට සුදුසුකම් ලැබීමේ තරගයක් අද (20) පැවැත්වෙයි.

එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා සමත් විය.

ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දු පහරදීමට ය.

මේ අතර අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ට බිනුර ප්‍රනාන්දු සහ ළහිරු කුමාර කැඳවා තිබේ.

මේ වන විට පළමු වටයේ  “A” කාණ්ඩය යටතේ පෙරමුණ ගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන්නේ එම සටහනේ තෙවන ස්ථානයේ ය.

නැමීබියානු කණ්ඩායම එම සටහනේ දෙවන ස්ථානයේ පසු වේ.

ඒ අනුව සුපිරි 12 දෙනාගේ තරගවටය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ජයගැනීම අනිවාර්යය වේ.

කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම ආබාධවලට ලක්වීම හේතුවෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඔවුන්ට ඉවත්වීමට සිදුව තිබේ.

වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංක, දුෂ්මන්ත චමීර මෙන්ම ධනුෂ්ක ගුණතිලකට ද මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව බිනුර ප්‍රනාන්දු, කසුන් රාජිත සහ අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.