දැඩි තීරණවලට එළඹීමට සිදුවනවා – මහ බැංකු අධිපති

පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා විසින් සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී නන්දලාල් වීරසිංහ මහතා මේ බව කියා සිටියේය.

ඔහු පවසන්නේ බදු සංශෝධන, පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය එලෙස ගත් තීරණ කිහිපයක් බවය.

ධනුෂ්ක රාමනායක – ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් 

ඔබතුමා හිතනවාද බදු සංශෝධනයත් එක්ක IMF ක්‍රියාදාමයත් එක්ක අපිට ඉදිරියේදී ප්‍රශ්න විසඳගෙන ඉදිරියට යෑමේ යම්කිසි මාර්ගයක් විවෘත වෙලා තිබෙනවා කියලා ?

ආචාර්ය නන්දලාල් වීරසිංහ – මහ බැංකු අධිපති

“මේ වෙලාවේ තියෙන එකම මාර්ගය තමයි මේක. කාර්ය මණ්ඩල එකඟතාවය අපි සැප්තැම්බර් 01 ලබාගත්තා. ණය තිරසර නැති නිසා එය ක්‍රියාත්මක කරන්න බැහැ ඒ සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතුයි පසුගිය සතියේ සාකච්ඡාවේදී ඉතා හොඳ ප්‍රගතියක් පසුගිය කාලයේ සමාජ සහ දේශපාලන නොසන්සුන්බවක් තිබුණා ඉන්ධන සහ ගෑස් සඳහා පෝලිම් තිබුණා මේ වැඩපිළිවෙළ සමග එය අනිත් පැත්තට හැරුණා බදු සහ මූල්‍ය ප්‍රතිපත්තියේ අඩුපාඩු නිවැරදි කරන්න ඕන”

ධනුෂ්ක රාමනායක – ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් 

“මධ්‍යම පන්තියේ ආසන්න වශයෙන් රු එක්ලක්ෂ පනස් දහසක, එක්ලක්ෂ අසූ දහසක වැටුපක් ගන්න ඔහුට දැන් සිදුව තිබෙනවා ආසන්න වශයෙන් රුපියල් විසි දහසක පමණ බදු මුදලක් ගෙවන්න. හැබැයි ඔවුන්ට විශ්වාසයක් ඕන. ඇයි අපි මේක ගෙවන්නේ ?”

ආචාර්ය නන්දලාල් වීරසිංහ – මහ බැංකු අධිපති

“පහසුම ක්‍රමය වක්‍ර බදු වැඩි කිරීම 80 % – 20% පරතරය 60% – 40 % කරන්න ඕන ඒ නිසා උපයන ආකාරයට බදු වැඩි කරන්න ඕන වසරක් මේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළොත් බදු ආදායම අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි වෙනවා වැඩි ආදායම් ලබන අය වැඩි දායකත්වයක් දිය යුතුයි ඒ තුළින් අඩු ආදායම් ලබන අයට සහනයක් දිය යුතුයි වැඩි ආදායම් ලබන අය දායකත්වය දෙනවා නම් හැමෝටම බදු සහනයක් දෙන්න පුළුවන්”

Leave a Reply

Your email address will not be published.