සියලුම පාසල් සිසුන්ට විශේෂ නිවේදනයක්

2022 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීමට අදාළ කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එසේම අදාළ නිවේදනයේ 2022 වර්ෂයේ තෙවන පාසල් වාරය ආරම්භ කිරීම සහ අවසන් කිරීම සිදුකෙරෙන ආකාරය ද ඇතුළත්.

අදාළ නිවේදනය පහතින්.

මේ අතර දීපවාලි දිනය සැමරීම සඳහා දමිළ පාසල් වෙත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයේ සඳහන් වන්නේ එළඹෙන සඳුදා (24) දිනට යෙදී දීපවාලි දින උත්සවය වෙනුවෙන් දමිළ පාසල්වල අවශ්‍යතාව සලකා බලා ඔක්තෝබර් 25 වන අඟහරුවාදා දින නිවාඩු ලබාදිය හැකි බවය.

කෙසේ වෙතත් ඒ වෙනුවට ඔක්තෝබර් මස 29 වන සෙනසුරාදා දිනයේ පාසල් පැවැත්විය යුතු බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 

මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ මෙසේ නිවාඩු ලබාදෙන පාසල්වල විදුහල්පතිවරු ඒ පිළිබඳව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published.