ආර්ථික හා මූල්‍ය අර්බුදයෙන් ගොඩ එන්න සහාය දෙනවා

IMF – ලෝක බැංකුව සහතික වෙයි

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික හා මූල්‍ය අර්බුදයෙන් ගොඩඒම සඳහා සහාය දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සහතික වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීම් ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩීසී හිදී පැවැති අතර මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහබැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා සමඟ මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරින්ගෙන් සමන්විත, නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ සඳහා සහභාගී වූහ.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවල දී මේ බව අනාවරණය විය.

ශ්‍රී ලංකාව සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය සමඟ පැවති රැස්වීම්වලදී, විස්තීරණ අරමුදල් පහසුකම් (EFF) වැඩසටහනෙහි පූර්ව ක්‍රියාමාර්ග සපුරාලීම සම්බන්ධයෙන් සිදුකළ යුතු කටයුතු කඩිනමින් ඉටු කිරීමේ අවශ්‍යතාවය දූත මණ්ඩලය විසින් අවධාරණය කර තිබෙන අතර එමඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් අපේක්ෂිත මූල්‍ය සහාය සමඟම මූල්‍ය එකඟතා හරහා ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ සහයෝගය කඩිනමින් ලබා ගතහැකි වේ. මෙම වසර තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මූල්‍යධාර ලබා ගැනීමට නම් ද්විපාර්ශ්වික ණයදෙන පාර්ශ්වකරුවන්ගේ මූල්‍ය එකඟතාවය ලබන මස මුල වනවිට ලබාගත යුතු බවද මුදල් අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published.