සුපිරි ජීප් පෙලක් යාල කැලේ රේස් පදී…

නීති විරෝධී ලෙස යාල වනෝද්‍යානයේ ජීප් රථ කිහිපයක් ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙලක් සමාජ ජාලවල හුවමාරු වෙයි.

එසේ කටයුතු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබේ.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ මෙම කටයුත්ත පිළිබඳ සියලු තොරතුරු සනාථ කළ සාක්ෂි දෙපාර්තමේන්තුව සතුව ඇති බවයි.

මෙම පිරිස විශේෂ අනුග්‍රහයක් යටතේ පැමිණි අය නොව ඔවුන් සාමාන්‍ය සංචාරකයන් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published.