විශේෂ දීපාවලි සැමරුම් උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (24) පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයාට රන් සළුවක් පලඳා චාරිත්‍රානුකූලව ආශිර්වාද කළ අයුරු. අමාත්‍යවරුන් වන ඩග්ලස් දේවානන්දා, මනූෂ නානායක්කාර, සමඟි ජන බලවේගය නියෝජන කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, හිටපු අමාත්‍ය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම්, ඒක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.යෝගරාජා, කොළඹ නියෝජ්‍ය නගාරාධිපති ඒම්. ඉක්බාල්, කොළඹ නාගරික මන්ත්‍රීවරුන් වන ජේරාජ් විශ්ණුරාජ්, කනක රන්ජිරන් බ්‍රනවන්, දුමින්ද ආටිගල, ඒක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනි කෝංගහගේ, ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට ඒක්ව සිටියහ.
2022-10-25