ලෝක ශූරතාවයට ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රිඩකයෝ තිදෙනෙක් පලා යති..

ස්පාඤ්ඤයේ පැවති ලෝක ශුරතා වයස 23න් පහළ මල්ලව පොර තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනෙකු එරට දී අතුරුදහන් වී ඇත.

මෙම තරග සංචාරයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවදෙනකු හා නිලධාරීන් තිදෙනෙකු ගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ කාණ්ඩ දෙකකින් මෙරටට ළඟා වීමට නියමිත තිබිණි.

නමුත් ‍ශ‍්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනකු ඉකුත් සෙනසුරාදා රාත්‍රියේ සිට නවාතැන්ගත් හෝටලයට පැමිණ නැතැයි වාර්තා වී ඇත.

තරඟාවලිය අවසානයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට එරට රැඳී සිටීමට අවසර තිබූ වීසා කාලය ද අවසන් වේ.

Leave a Reply

Your email address will not be published.