ණය ප‍්‍රතිව්‍යුහගත කරන්න චීනයෙන් දැඩි කොන්දේසි…

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කරන්නේ නම් ඊට පෙර චීනය හා ලංකාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට අවශ්‍යයි චීනය පවසා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එවන් ගිවිසුමත් අත්සන් කරන්නේ නම් එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට වෙළඳපොළ චීන භාන්ඩ වලින් පිරී යනු ඇති බවත් ඉන් මෙරට නිෂ්පාදනය කඩා වැටෙනු ඇති බවත් හෙතෙම පැවසීය.

ඒ හරහා මෙරට නිෂ්පාදකයා විනාශ වනු ඇති බවද හෙතෙම කියා සිටියේ ජාතික ජන බලවේගය විසින් කැඳවා තිබූ ජනහමුවක් අමතමිනි.

චීනය සමග ගිවිසුම් ගතවුවහොත් ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කිරීමට සිදුවනු ඇති බවද පැවසූ ඔහු මෙය ගැටලුකාරී තත්ත්වය තවත් වර්ධනය කරනවු ඇති බවද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.