පුද්ගල මළ සිරුරක් ඔයක පාවේ…

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා බගවන්තලාව කෙසෙල්ගමුඔයේ අතු ශාඛාවක තිබි (25) දින නාදුනන පුද්ගල මළ සිරුරක් හමු වු බව බගවන්තලාව පොලිසිය පැවසිය.

කෙසෙල්ගමු ඔයට බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ සිට ජලය ගලා බසිනා බ්‍රිඩ්වෙල් ඔයේ නාදුනන පුද්ගල මළ සිරුරක් ඇති බවට , එම වතු යායේ වතු කම්කරුවන් විසින් දැක ඒ පිලිබදව බගවන්තලාව පොලිසිය වෙත කල දැනුම් දිමක් මතය සිරුර සොයා ගෙන ඇත්තේ .

අවුරුදු 60 ක් පමණ වයසැති මිය ගිය පුද්ගලයා මිට දින දෙකකට ප්‍රථම බගවන්තලාව නගරයේ සිට ඇති බවට  බගවන්තලාව නගරයේ කිප දෙනෙකු විසන් දැක ඇති බවත් , එම පුද්ගලයාගේ අන්‍යයතාවය මෙතෙක් තහවුරු වි නොමැති බවත් , බගවන්තලාව ප්‍රදේශයට පසුගිය දින දෙක තුල ඇද හැලුනු අධික වර්ෂාව  සමග එම පුද්ගලයා බ්‍රඩ්වෙල් ඔයේ සැඩ පහරට හසු වි ගසාගෙන ගොස් ජිවිතක්ෂයට පත් වුවාද යන්න පිලිබදව සැකයක් පවතින බව සිරුර සම්බන්දයෙන් පරික්ෂන පවත්වන බගවන්තලාව පොලිසිය සැත පල කරයි.

Leave a Reply

Your email address will not be published.