ඕස්ට්‍රේලියාවෙන් ශ‍්‍රී ලංකාවට හයේ පහර වර්ෂාවක්.. කඩුළු 07කින් දිනයි..

20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 07ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 157ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 16.3 කදී එම ඉලක්කය පසුකර ගියේය.

ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භයේ දී මදක් මන්ගාමි වුවද මැදපෙල පිතිකරුවන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ දග පන්දු යන්නන්ට දිගට හරහට පහර දෙමින් මෙම ජයග‍්‍රයණය ලබා ගත්තේය.

ඕස්ට්‍රේලියා වෙනුවෙන් අති වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ මාකස් ස්ටොනිස් පන්දු 18 කදී දැවැන්ත හය පහර හයක් සමගින් ලකුණු 58ක් ලබා ගත්තේය.

ඕස්ට්‍රේලියානු ඉනිම පුරා හයේ පහර දහයක් වාර්තා වූ අතර ශ්‍රී ලංකා ඉනිමේ දී වාර්තා වුයේ හයේ පහර දෙකක් පමණි.

Leave a Reply

Your email address will not be published.