බ්‍රිතාන්‍ය නව අගමැතිට ජනපති රනිල්ගෙන් සුබ පැතුම්

එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා එරට නව අගමැතිවරයා වශයෙන් පත් වූ රිෂි සුනක් මහතා යටතේ තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැතිවරයාට සුබ පැතුම් පණිවිඩයක් යවමින් සඳහන් කරයි.

අගමැති ධුරයට පත් වීම පිළිබඳ සිය උණුසුම් සුබ පැතුම් පිරිනමමින්, අගමැති ධුරයට සුනක් මහතා සතු අතිවිශාල අත්දැකීම් ඔහුගේ භාරදූර වගකීම් ඉටු කිරීමේදී වටිනාකමක් ඇති වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළ කරයි.

ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍ය අතර සාම්ප්‍රදායික ඉතිහාසයක් බෙදා ගන්නා බවත් නොබැඳි රටවල් අතර පවතින ගෝලීය බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති සහ බ්‍රිතාන්‍යයේ නව ප්ලැටිනම් හවුල්කාරීත්වය හරහා දෙරට අතර ඇති සබඳතා වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් එම සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.