මෙවරත් පොහොර මිටියක් රුපියල් 10,000කට

මෙවර මහ කන්නය වෙනුවෙන් ගෙන්වූ පළමු යූරියා පොහොර තොගය නෞකාවෙන් ගොඩබෑමේ කටයුතු අද (28) ආරම්භ විය.

ලෝක බැංකුවේ ණය පහසුකම යටතේ 2022 /2023 මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර රැගත් පළමු නෞකාව පසුගිය 26 වනදා රාත්‍රියේ කොළඹ වරායට ළඟා විය.

මහ කන්නයට අවශ්‍ය පොහොර මිලදීගැනීම සඳහා ඉදිරිපත් කළ ප්‍රථම ටෙන්ඩරය අනුව චීනයෙන් ගෙන්වන ලද එම පොහොර ප්‍රමාණය මෙට්‍රික්ටොන් 12,500කි.

නෞකාවේ පොහොර ගොඩබෑමේ සහ බෙදාහැරීමේ කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ වරායට අද (28) පෙරවරුවේ පැමිණියේය.

එහිදී අමාත්‍යවරයා පැවසුවේ නියමිත වේලාවට ගොවීන්ට පොහොර ලබාදීමට පියවර ගන්නා බවය.

Leave a Reply

Your email address will not be published.