ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය ගැන මහේලගෙන් ප්‍රකාශයක්

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන භාගය වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සියලුදෙනාම උපරිම දක්ෂතා අතරට පැමිණීම තමා අපේක්ෂා කරන බව පුහුණු උපදේශක මහේල ජයවර්ධන පවසයි.

ඔස්ටේලියාවේ සිට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.   

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තරගයක් තේරුම් ගැනීම අතින් ඉහළ ස්ථානයක පසුවෙන බවද ඔහු පැවසීය.

“පළවෙනි වටයේ පළවෙනි තරගය අපි හොඳට සෙල්ලම් කළේ නැහැ. නමුත් ඊට පස්සේ ක්‍රීඩකයන් සෙල්ලම් කරපු ආකාරය ගැන සතුටු වෙන්න පුළුවන්.” 

“දෙවනි වටයෙත් අපි ඔස්ට්‍රේලියාවට පරාජය වුණාට ඒ තණතීරුවේ තිබිච්ච වාතාවරණයත් එක්ක අපි හොඳ තරගයක් දුන්නා. අපි අතින් වැරදි වුණා.. පිළිගන්න ඕනේ…අපිට මීට වඩා තව ටිකක් හොඳට කරන්න තිබ්බා කියලා. නමුත් බිනුර ආබාධයකට ලක්වීම නිසා අපේ සැලැස්මෙන් එළියට එන්න වුණා.”

“නමුත් හැම ක්‍රීඩකයෙක්ම සෙල්ලම් කරන විලාසය දැක්කාම මට සතුටු වෙන්න පුළුවන්. ක්‍රීඩකයින් සෑහෙන්න ඉදිරියට ඇවිත් තිබෙනවා. ඔවුන් තරගයක් තේරුම්ගන්න විදිහ ඉතාම හොඳයි. තව ඉස්සරහට යන්න පුළුවන්.” 

“අපි තරගාවලිය මැද ඉන්නේ. ඉදිරි තරග 3 ඉතාම වැදගත්. තරගාවලියේ අවසාන භාගයට එනකොට හැමෝම උපරිම දක්ෂතා අතරට එයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක තමයි වැදගත්.”

“ක්‍රීඩකයෝ ආබාධවලට ලක්වුණේ ඇයි කියන එක අපි බලන්න ඕනේ. ඒකට විවිධ කාරණා බලපානවා.”

“සිඩ්නි තණතීරුව අපේ ක්‍රීඩකයන්ට සුපුරුදු තණතීරුවන්. නවසීලන්තය සමග තරගය අපිට ජයගන්න පුළුවන් නම් අපිට හොඳ ස්ථාවරයකට එන්න පුළුවන්.” 

Leave a Reply

Your email address will not be published.