ද්විත්ව පුරවැසිභාවය ගැන කෙරෙන විමර්ශන අදින් අවසන්

ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන අද (31) දිනයේ දී අවසන් කිරීමට හැකිවනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පරීක්ෂා කිරීම සදහා මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුව නියෝජන කරන සියලු මන්ත්‍රීවරුන්ගේ උපන් දින සහ ජාතික හැඳුනුම්පත් අංක පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා දිනයේ ඉල්ලා ඇති බව සඳහන්ය.

ඉන් අනතුරුව ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ නාමලේඛන පරික්ෂා කිරීම ආරම්භ කර තිබේ.

කෙසේවෙතත් මේ දක්වා සිදුකළ විමර්ශනවලදී කිසිදු මන්ත්‍රීවරයෙකු ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයෙකු බවට හඳුනාගෙන නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙහි අවසන් තීරණය අද දිනයේ දී ලබාදීමට හැකියාව ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.