වරාය නගර තීරු බදු රහිත වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් මාසයේදී විවෘත කෙරේ

කොළඹ වරාය නගරයේ තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් මාසයේදී විවෘත කිරීමට නියමිතව තිබේ.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ආචර්යය ප්‍රියත්බන්දු වික්‍රම මහතා පැවසුවේ, එම සංකීර්ණයේ මූලික කටයුතු වැඩි ප්‍රමාණයක් මේ වන විට අවසන් කර ඇති බවය.

එම තීරුබදු රහිත වෙළෙඳ සංකීර්ණය ක්‍රියාත්මක කරන සමාගම ලොව ප්‍රමුඛතම ක්‍රියාකාරීන් තිදෙනෙකුගෙන් සමන්විත වන අතර දකුණු ආසියානු කලාපයේ විශාලතම තීරු බදු රහිත වෙළෙඳ සංකීර්ණය මෙය වන බව ද ඔහු පැවසීය.

තීරුබදු වෙළෙඳ සංකීර්ණය සඳහා මෙරටට පනවා ඇති භාණ්ඩ ආනයන තහනම බල නොපාන බව ආචාර්යය ප්‍රියත්බන්දු වික්‍රම මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published.