තවත් මනුෂ්‍ය ඝාතනයක්‍

රුවන්වැල්ල පොලිස් වසමේ මැදගොඩ ප්‍රදේශයේ දී බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනය කර ති‌බේ.

ඊයේ (01) සවස් කාලයේදී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මැදගොඩ ප්‍රදේශයේ නිවසක ආරවුලක් ඇති වූ බවට 118 පොලිස් හදිසි ඇමතුම් ඒකකය මඟින් රුවන්වැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණි.

රුවන්වැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම ලිපිනයට පිටව ගොස් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

එහිදී ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු නිවසක් තුළ වැටී මියගොස් සිටින බවට නිරීක්ෂණය වී තිබේ.

මරණකරු ඔහුගේ වැඩිමහල් සහෝදරයා සහ තවත් පුද්ගලයෙකු සමග නිවසේදී මත්පැන් පානයකර ඇත.

එම අවස්ථාවේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය විසින් දැනට සිදුකරන ලද විමර්ශනයේදී අවනාවරණය වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 33 හැවිරිදි මැදගොඩ අමිතිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මරණකරුගේම වැඩිමහල් සහෝදරයා දැනට ප්‍රදේශයෙන් පළාගොස් සිටින ඇත.

Leave a Reply

Your email address will not be published.