යුපුන් අබේකෝන් ට පාසලේදී උපහාර

දකුණු ආසියාවේ වේගවත් මිනිසා වන ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් පිළිගැනීමේ විශේෂ උත්සවයක් අද (01) ඔහුගේ පාසලේදී පැවැත්වුණි.

ඒ, වෙන්නප්පුව ශාන්ත ජෝසප් විද්‍යාලයේදීය.

දකුණු ආසියාවේ වේගවත් මිනිසා වන ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් අධ්‍යාපනය ලැබුවේ වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලයෙනි.

යුපුන් පිළිගැනීමේ විශේෂ උත්සවයට පාසලේ වත්මන් විදුහල්පති ප්‍රියංජීව ගුණරත්න පියතුමා, ගුරු මණ්ඩලය සහ ශිෂ්‍යයන් එක්විය.

යුපුන් සිය පාසලේ ශිෂ්‍යයන් සමග තම අත්දැකීම් බෙදාහදා ගැනීමට ද එය අවස්ථාවක් කරගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published.