“සැමට ජලය” ව්‍යාපෘති සාර්ථකව ඉදිරියට

“සැමට ජලය” වැඩසටහන යටතේ අවසන් අදියරේ පවතින ව්‍යාපෘති කිහිපයකට අදාළ ප්‍රතිපාදන ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ආයෝජන මණ්ඩලය යටතේ පවතින ව්‍යාපෘති කිහිපයකට අවශ්‍යය ජල සම්පාදන කටයුතු අදාළ ජල ව්‍යාපෘති මගින් සිදු කෙරෙන බැවින් ද ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඒ සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

ජල සම්පාදන අමාත්‍යාංශ නිලධාරීන් සමග ඊයේ (01) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

මීට අමතරව මේ වන විට වරාය පරිශ්‍රයේ රඳවා ඇති ජල සම්පාදන ව්‍යාපෘති වෙනුවෙන් ගෙන්වන ලද උපකරණ සහිත කන්ටේනර් 233 ක් නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන්ද අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග, ජල සම්පත් සහ ජලාපවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.