විෂ දුම් ආග්‍රහණයෙන් සිසුන් 40 ක් රෝහල් ගත කෙරේ

පානදුර රාජකීය ප්‍රාථමික  විදුහල පිටුපස කසල ගොඩකට ගිනි තැබීමෙන් විෂ දුමක් ආග්‍රහණය වී සිසුන් 36 ක් ඇතුළු 39 දෙනෙකු අද (02) රෝහල් ගතකර ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

පානදුර රාජකීය විදුහලේ 5 බී, සී,ඩී,ඊ,එෆ් සහ  4 ඒ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 36 ක්, 5 ඊ සහ  5 බී පංති භාර ගුරු මහත්මින් දෙදෙනෙකු  සහ දරුවෙකුගේ මවක් මෙලෙස රෝහල් ගත ඛළ බව විදුහල්පතිනී ඩී.පී.කේ.කේ කොතලාවල මහත්මිය පැවසීය.

සිද්ධිය සැලවීමත් සමගින් දෙමාපියන් විශාල පිරිසක් පාසල වෙත පැමිණ  සිය දරුවන් රැගෙන යාමට කටයුතු කල අතර  ,  අසනීපව  සිටි දරුවන් 1990 සහ පෞද්ගලික වාහන වලින් පානදුර මූලික  රෝහලට යොමු කර ඇත.

විදුහල පිටුපස යාබද නිවසක කුණු ගොඩක වයර් සහ ටයර් කිහිපයක් කිසියම් පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුළුස්සා ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published.