චීනයේ ආක්‍රමණය වැළැක්වීමට අමෙරිකාවෙන් සැලසුම්

චීනයේ ආක්‍රමණය වැළැක්වීමේ අරමුණ ඇතිව ඉන්දියාව සමඟ සිය ආරක්ෂක සබඳතා වර්ධනය කිරීමට අමෙරිකාව සැලසුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් පෙරේදා අමෙරිකාවේ ජාතික ආරක්ෂක උපාය මාර්ග සැලසුම නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ චීනයේ දේශසීමා ආක්‍රමණය කිරීම් සහ බලහත්කාරයෙන් ඇතුළුවීම් වැළැක්වීමට මේ තීරණය ගත් බවය.

චීනයේ ගෝලීය තර්ජන වැඩිවෙමින් පවතින බවත්, ආර්ථිකය මෙන්ම ගෝලීය ආරක්ෂාව ද චීනය දැඩි ලෙස උල්ලංඝනය කරමින් සිටින බවත් අමෙරිකාවේ ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ඉන්දීය සාගර කලාපයේ චීන ආක්‍රමණය වැළැක්වීම මෙන්ම එම සාගර කලාපයට නිදහස් සහ විවෘත ප්‍රවේශයක් සහතික කිරීමට ඇති හැකියාව වර්ධනය කළ යුතු බව බයිඩ්න් අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published.