තිහගොඩ වෙඩිතැබීමේ සිද්ධියේ SI ට එරෙහිව දුන් නියෝගය

මාතර, තිහගොඩ දී 15 හැවිරිදි පාසල් සිසුවෙකුට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පොලිස් පරීක්ෂකවරයාව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

එම සැකකරු අද (04) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කළ බව අප වාර්තාකරු පැවසීය.

එහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසිරු නෙත්තිකුමාර මහතා නියෝගකර ඇත්තේ සැකකරුව නොවැම්බර් 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසත්ය.
   
ඊට අමතරව සැකකරුව අද දිනයේදී හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කර ඇති අතර එහිදී සිව්දෙනෙකු විසින් ඔහුව හඳුනාගෙන තිබුණි.

මාතර, තිහගොඩ, මිදෙල්ලවල ප්‍රදේශයේදී මෙම වෙඩිප්‍රහාරය එල්ලවී තිබුනේ පසුගිය 28 වනදා පස්වරු 4.30ට පමණි.

තිහගොඩ පොලීසියේ අපරාධ අංශයේ පිරිසක් පොලීසියට අයත් ත්‍රිරෝද රථයකින් මෙහෙයුමක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මාර්ගය පුරා ධාවනය කරමින් තිබූ තවත් ත්‍රිරෝද රථයක් දැක එය හඹාගොස් නවත්වා පරීක්ෂා කර ඇත.

Leave a Reply

Your email address will not be published.