දුම්රියක් පීලි පනී

යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමට ලක්වීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී තිබේ.

අද (05) දහවල් කන්කසන්තුරයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ යාල්දේවි සීඝ්‍රගාමී දුම්රිය පූනෑව ප්‍රදේශයේදී පිලී පැනීමට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දුම්රියේ එන්ජිම සහ මැදිරි දෙකක් මෙලෙස පීලි පැනීමට ලක්වී ඇත.

එමෙන්ම දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද හානි සිදුවී ඇති බව වාර්තා වෙයි.

බාධා එල්ල වී ඇති උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.