විදුලිය-ඛනිජ තෙල් සහ රෝහල් අත්‍යවශ්‍ය සේවා වෙයි

රජය විසින් සපයනු ලබන විදුලි බලය, ඛනිජ තෙල් සහ රෝහල් ඇතුළු සමාන ආයතනවල සේවා අත්‍යාවශ්‍ය සේවා බවට නම් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් පෙරේදා (03) ප්‍රකාශයට පත් කර තිබේ.

විදුලිබල සැපයීමේ සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, සාත්තු නිවාස, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ අවශ්‍ය හෝ කළ යුතු සේවා මේ අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.

අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ සාමාන්‍ය ජනජජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සේවා ලෙස සලකා රාජ්‍ය සංස්ථාවකින්, රජයේ දෙපාර්තමේන්තුවකින්, පළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් සපයනු ලබන මෙම සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.