එංගලන්ත ඉදිරි ගමනේ තීරණය රැගෙන ශ්‍රී ලංකා පිල අද පිටියට

එංගලන්ත කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට එක් වන්නේ ද යන්න තීරණය වන තීරණාත්මක තරගය අද ශ්‍රී ලංකාව සමඟින් මෙරට වේලාවෙන් පස්වරු 1.30ට සිඩ්නිහිදී පැවැත්වේ.

මේ තරගයේ ප්‍රතිඵලය කුමක් වුවද ඊයේ වන විටත් ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට එක් වීමේ අවස්ථාව අහිමිව තිබූ අතර, මේ තරගයෙන් අවසන් පූර්ව වටයට එක් වන්නේ එංගලන්තය ද ඔස්ට්‍රේලියාව ද යන්න තීරණය වීමට නියමිතය.

මේ වන විට එංගලන්තය ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසු වන අතර, ශ්‍රී ලංකාව සිව්වැනි තැන සිට අද තරගයට එක් වෙයි. ඔස්ට්‍රේලියාව ඊයේ ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ජය ගනිමින් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 7 දක්වා ඉහළ දමා ගත්ත ද දළ ලකුණු වේගය අතින් ඔවුන් පසුවන්නේ එංගලන්තයට වඩා පහළිනි. එබැවින් අද තරගය ජය ගැනීමට එංගලන්තය සමත් වුව හොත් ඔවුන්ට ද ලකුණු 7ක් හිමිවන අතර, ඒ අනුව අවසන් පූර්ව වටයට එක්වීමට එංගලන්තයට අවස්ථාව උදා වෙයි. එහෙත් එංගලන්තය පරාජය වුව හොත් ඔස්ට්‍රේලියාවට අවසන් පූර්ව වටයට එක් වීමේ අවස්ථාව උදා වනු ඇත. එබැවින් ඔස්ට්‍රේලියානුවන් ද අද තරගයේදී ශ්‍රී ලංකා ජය ප්‍රාර්ථනා කරනු ඇත.

Leave a Reply

Your email address will not be published.