කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියෙන් පසුව පසුබෑමට තිබුණු සංචාරක ව්‍යාපාරයට යහපත් බලාපොරොත්තු එක්කරමින් මේ වසරේ ජනවාරී 1 දා සිට ඔක්තොම්බර් 31 දක්වා වූ මුල් මාස දහයක කාලයේ විදෙස් සංචාරකයන් 568,000ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
පසුගිය වසරේ දී මෙරටට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව වන 194,495 ට සාපේක්ෂව මේ වසරේ මුල් මාස 10ක කාලයේ විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ විශාල වර්ධනයක් මේ අනුව දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.