සතොසේ හිටපු සාමාන්‍යාධිකාරි දැලේ

ලංකා සතොස ආයතනයේ සිදුව ඇති රුපියල් කෝටි 11කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් එහි විශ්‍රාමික සාමාන්‍යාධිකාරිවරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. කැලණිය, දළුගම්ගොඩ පදිංචිකරුවකු වන එම විශ්‍රාමික සාමාන්‍යාධිකාරීවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙරේදා (03) බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ලංකා සතොස තුළ සිදුවී ඇතැයි අනාවරණය වී ඇති මූල්‍ය වංචාවේ ප්‍රමාණය රුපියල් එකළොස් කෝටි අසූ ලක්ෂ එකොළොස් දහස් තිස් හතරක් වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published.