වනඅලි ගම්වැදීම හේතුවෙන් පීඩා විඳින තවත් ගොවීන් පිරිසක් පිළිබඳව හිරු ප්රවෘත්ති වෙත වාර්තාවුණා.
ඒ, ගලෙන්බිඳුණුවැව – රිටිගල කලාපයේ මෛත්රීගම ගම්මානයෙන්.
මෙම ගම්මානයේ ගොවීන් පවසන්නේ පොල්, කෙසෙල්, අඹ වැනි වගාවන් මෙන්ම වට්ටක්කා ඇතුළු ගොඩ බෝගද වනඅලින් විසින් විනාශ කර දමන බවයි.
තමන්ගේ ප්රධාන ආදායම් මාර්ගය ගොවිතැන නිසා මෙම වනඅලි ගැටළුවට කඩිනමින් විසඳුමක් ලබාදෙන ලෙසයි අසරණ වූ මෛත්රීගම ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ.
2022-11-06