මේ දිනවල තද උණක් පැතිරෙනවා, මාස්ක් එක දාගෙන ඉන්න !

ඉන්ෆ්ලූ‍වන්සා රෝගය මේ දිවනල සීග්‍රයෙන් පැතිර යාමට පටන්ගෙන ඇති බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනයක කරන්නැයි කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ වෛරස් රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ ජනතාවට දැනුම්දී සිටියි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලැඛෙන සෙම සාම්පලවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉන්ෆ්ලූ‍වන්සා වෛරසය ආසාදිතයන්ගේ බව තහවුරු වී ඇතැයි විශේෂඥවරයා සඳහන් කරයි.

නොවැම්බර් දෙසැම්බර් මාසවල පැවැති වර්ෂාව, ශීත කාලගුණයසේම එළඹෙන උත්සව සමයත් සමග පුද්ගල ඒකරාශී වීම් ඉහළ යාම ඉන්ෆ්ලූ‍වන්සාව පැතිරීමට තවත් හේතුවක් බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම මෙම වෛරසය ගැබිනි මව්වරුන්ට ආසාදනය වුවහොත් මවට මෙන්ම දරු ගැබටද විවිධ සංකූලතාවන් ඇතිවිය හැකි බැවින් වඩාත් ආරක්ෂාකාරී සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරන්නැයි විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ අවධාරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published.