ශ්‍රී ලාංකිකයින් 300ක් රැගත් යාත්‍රාවක් වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේදී අනතුරට

සරණාගතයින් බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් තුන්සියයක පමණ පිරිසක් රැගත් යාත්‍රාවක් වියට්නාම – සිංගප්පූරු මුහුදු සීමාවේදී මුදාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජපාන නෞකාවක් මඟින් මුදාගත් එම පිරිස මේ වනවිට වියට්නාම ආරක්ෂක අංශ වෙත භාර දී ඇති බව සඳහන්ය.

ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් LADY R3 නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව ඊයේ (07) අනතුරට ලක්ව ඇත්තේ, වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී ය.

යාත්‍රාව අනතුරට පත්වීමත් සමඟ එහි සිටි ලාංකිකයෙක් ඒ පිළිබඳව මෙරට නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා දැනුම් දී ඇති අතර, ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් වියට්නාම නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published.