පාස්පෝට් නිකුත් කිරීම හෙට සිට නැවතත්

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට සිටින පුද්ගලයින් සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ. 

එහි දැක්වෙන්නේ පරිගණක පද්ධතියේ අද (08) හටගත් දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත්වී ඇති බවය.

ඒ අනුව හෙට (09) උදෑසන සිට යළි විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අද දහවල් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.

Leave a Reply

Your email address will not be published.