පාකිස්තානය අවසන් තරගය ට

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට පාකිස්තානය සමත් විය.

ඒ නවසීලන්තයට එරෙහිව අද (09) පැවැති තරගයේ කඩුලු 07කින් ජය ගනිමිනි. 

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබුණි.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ නවසීලන්ත කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 152ක් රැස් කළේය.

ලකුණු 153ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පාකිස්තාන පිතිකරුවන් පන්දුවාර 19යි 01ක් පන්දුවක් තුළ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 153ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published.