ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගය අද

20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද (10) ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ්හිදී පැවැත් වේ.

ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වේ.

2007 වසරේ සිට මේ දක්වා 20/20 ලෝක කුසලාන තරගාවලි 07ක් පවත්වා ඇති අතර ඉන්දියාව සහ එංගලන්තය එක් අවස්ථාව බැගින් ශූරතාව හිමිකරගෙන තිබේ.

මේ වන විටත් පාකිස්තාන කණ්ඩායම මෙවර ලෝක කුසලාන අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර අවසන් මහ තරගය ලබන 13 වන දින මෙල්බන්හිදී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.