නව තානාපතිවරු 07ක් සහ මහ කොමසාරිස්වරයෙක්

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්වී ආ නව තානාපතිවරු 7 දෙනෙකු සහ මහා කොමසාරිස්වරයෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදී තිබේ.

අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම අක්තපත්‍ර භාරදීම සිදුකෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව රුසියාව, මෙක්සිකෝව, ප්‍රංශය, ඕමානය, භූතානය, පැරගුවා හා ලක්ෂම්බර්ග් සඳහා පත්වූ නව තානාපතිවරු සහ ඝානා රාජ්‍යය වෙනුවෙන් පත්වී ආ මහ කොමසාරිස්වරයා මෙලෙස ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාරදී ඇත.

Leave a Reply

Your email address will not be published.