2023 දී ඉන්දියාව මුල්තැනට

මේ මස 15 වැනිදා වනවිට ලෝක ජනගහනය බිලියන 8 සීමාව දක්වා ළඟාවනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

එම සංවිධානය නවතම වාර්තාවක් මගින් අනාවරණය කර ඇත්තේ චීනය අභිබවා යමින් ඉන්දියාව ලොව වැඩිම ජනගහනය සහිත රට බවට 2023 වසරේ දී පත්වනු ඇති බවය.

2030 වසර වන විට ලෝක ජනගහනය බිලියන 8.5ක් දක්වාත් වසර 2050 වන විට ජනගහනය බිලියන 9.7ක් දක්වාත් ඉහළ යනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු ගත කර තිබේ.

වසර 2050 වන විට ජනගහන වර්ධනයෙන් අඩක් පමණ කොංගෝ, ඊජීප්තුව, ඉතියෝපියාව, ඉන්දියාව, නයිජීරියාව, පාකිස්තානය, පිලිපීනය සහ ටැන්සානියාව යන රටවල් ආශ්‍රයෙන් වාර්තාවනු ඇති බවට ද එක්සත් ජාතීන්ගේ සංවිධානය නිරීක්ෂණය කර තිබේ.

කෙසේවෙතත් 1950 වසරෙන් පසුව පළමුවරට 2020 වසරේ දී ලෝක ජනගහන වර්ධන වේගයේ අඩුවක් පෙන්නුම් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.