නොදරුවන් දෙදෙනා පාළු නිවසක දමා මව්පියන් පැන යයි

නිවසක් තුළ කුඩා දරුවන් දෙදෙනෙකු අතහැර දමාගොස් ඇති බව කියන සිද්ධියක් වාර්තා විය.

ඒ බව දැනගැනීමෙන් පසු අසල්වාසීන් විසින් ඊයේ (11) රාත්‍රියේ අම්බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය දැනුවත් කර තිබුණි.

මෙම සිද්ධිය වාර්තා වූයේ අම්බලන්ගොඩ කුලීගොඩ රන්කොත් විහාර මාවතේ නිවසකිනි.

ඒ අනුව එම ස්ථානයට ගිය පොලීසිය දරුවන් දෙදෙනා පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබුණි.

මෙලෙස තනිකර දමා ගොස් ඇත්තේ අවුරුදු 2ක් සහ 3ක් පමණ වයසැති ගැහැනු දරුවන් දෙදෙනෙකි.

මේ වනවිටත් පොලීසිය භාරයේ සිටින දරුවන් දෙදෙනා ළමා නිවාසයකට භාරදීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගැනීමට කටයුතු කරන බව අම්බලන්ගොඩ පොලීසිය සඳහන් කළේය.

මෙම දරුවන්ගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා මහජන සහාය පතන බවත් ඔවුන් සොයාගත් පසු ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.