අරගලයේ මව්වරු යනුවෙන් හඳුන්වා ගනිමින් කළුතර සිට ගාලු මුවදොර දක්වා පාගමනින් යමින් සිටි කාන්තාවක් දෙදෙනෙකුව පානදුර ගොරකාපොළ ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසියේ විශාල පිරිසක් පැමිණ එලෙස මෙම කාන්තාවන් දෙදෙනාව පොලිස් භාරයට ගෙන ඇත.
එහිදී ඊට බාධා සිදුකළේ යැයි චෝදනා කරමින් තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකුව ද පොලිස් භාරයට ගෙන තිබේ.
අද (12) උදෑසන කළුතරින් මෙම පාගමන ආරම්භ කිරීමේදී ද පොලීසියෙන් බාධා එල්ලවී ඇති අතර බාධා මධ්‍යයේ ඔවුන් ගමන ආරම්භ කර තිබුණි.
පසුව වාද්දුව ප්‍රදේශයේදී ද ඔවුන්ට යළිත් පොලීසියේ බාධා එල්ලවී තිබේ.
පසුව පානදුර ප්‍රදේශයේදී ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට සූදානම්වීමත් සමග ඔවුන් දෙදෙනා බස් රථයකට ගොඩවී පානදුර ගොරකාපොල ප්‍රදේශයට පැමිණ තිබුණි.
එහිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත.
මෙම කාන්තාවන් දෙදෙනා බොරැල්ල සහ ගල්කිස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.