චීන ප්‍රබලයෙක් දිවයිනට

විදෙස් රටවල් සමග මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපති ලින් සොන්ග්ටියෑන් (Lin Songtian) මහතා පස්දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඊයේ (12) දිනයේ ඔහු දිවයිනට පැමිණි බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සොන්ග්ටියෑන් මහතාගේ මෙම සංචාරයේ අරමුණ බව වාර්තා වේ.

මෙම සංචාරය තුළදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට යෝජිතය.

ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව සංගමය සංවිධානය කරන සම්මන්ත්‍රණයකට සහභාගීවීමට නියමිත ලින් සොන්ග්ටියෑන් මහතා ලබන අඟහරුවාදා ශ්‍රී ලංකා – චීන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය හමුවේ විශේෂ දේශනයක් පැවැත්වීමටද නියමිතය.

Leave a Reply

Your email address will not be published.