සන්නද්ධ අංශ සන්නද්ධ කිරීමට හේතු ජනාධිපති පවසයි

ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ලෝක බලවතුන් අතර පවතින බල අරගලය නිසා ශ්‍රී ලංකාවේ සන්නද්ධ අංශ ශක්තිමත් කිරීමට සිදුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ වනවිට රුසියාව, ඇමරිකාව සිට චීනය දක්වා වූ ලෝක බලවතුන් ඉන්දියන් සාගර කලාපය වෙත බලපෑම් කරන බවද ඊට අප මැදිහත් නොවී අපේ ආරක්ෂාව තර කර ගැනීමට අවධානය යොමු කළ යුතු බව ද සදහන් කරයි.ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සම්මාන උළෙලේදීය.

Leave a Reply

Your email address will not be published.