වජිරගෙන් අනාවැකියක්

අයවැය ඡන්ද 135 ක් ලබා සම්මත වනු ඇතැයි  එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී  පැවසීය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

මෙවර අයවැය බංකොලොත් රට ආර්ථික වශයෙන් නිදහස් කරන අය වැයක් වනු ඇතැයි ද වජිර අබේවර්ධන මහතා කීය.

මෙය අනාගත පරපුරට සුබවාදී අයවැයක් වන අතර වංචනික ලියවිල්ලක් නොවන බවද අබේවර්ධන මහතා සඳහන් කළේය.

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා පිළිගන්න සූදානම් දැයි මෙහිදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප සභාපතිවරයා පැවසූයේ එන කෙනෙක් පිළිගන්න සූදානම් බවයි.එහෙත් විපක්ෂය දුර්වල නොකළ යුතු බව ද එජාප සභාපතිවරයා කීය .

Leave a Reply

Your email address will not be published.