අය වැය ශක්තිමත් කරන්න සජබ ලොක්කෙක් පීල් මාරු කරයි

සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයකු හෙට (14) ආණ්ඩුවට එකතුවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

ආණ්ඩුවේ අය-වැය ලේඛනය ඉදිරිපත් කෙරෙන්නේද හෙට (14) පස්වරුවේය.

අයවැය ලේඛනය ක්‍රියාවට නැංවීම ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ඔහු ආණ්ඩුවට  එකතු වනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම දේශපාලන ප්‍රබලයා පසුගිය ආණ්ඩු කිහිපයකම ඇමැති ධුර හොබවනු ලැබූවෙකි. මොහු ආණ්ඩුවට එක්වන බවට පසුගිය කාලය පුරාම ප්‍රචාරය වී තිබිණ. හිටපු ඇමැතිවරයා ආණ්ඩුවට සම්බන්ධවීම සම්බන්ධීකරණය කරනු ලබන්නේ ඔහුගේ පුත්‍රයා විසිනැයිද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.