බැසිල් අද දිවයිනට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාවේ මාස එකහමාරක පමණ කාලයක් ගතකිරීමෙන් පසු අද (20) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතාට එරෙහිව පැවති විරෝධතාවයෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා සිය ද්විත්ව පුරවැසිභාවය හිමි අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතාගේ පැමිණීමත් සමග සිය පක්ෂයේ ඉදිරි මැතිවරණ කටයුතු සඳහා වන සැලසුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් තීරණ ගැනීම බැසිල් රාජපක්ෂ මහතා සතු කාර්යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරනු ලබන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එම පක්ෂය පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊට අදාළ උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.